Friday, September 20, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට යන සංචාරකයින්ට අලුත් බද්දක්




බැක්පැකර් නමින් හඳුන්වන අඩු වියදමින් සංචාරයේ යෙදෙන පුද්ගලයින්ට නව බදු හඳුන්වා දීමට ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරටට පැමිණෙන සංචාරකයින් සෑම ඩොලරයක් වෙනුවෙන් එරට මුදලින් සත 32.5 ක අලුත් බද්දක් ගෙවිය යුතු වනවා.

එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ එල්ල වූ විරෝධතා ද සැලකිල්ලට ගනිමින්.

බැක්පැකර් නමින් හඳුන්වන සංචාරකයින් ලක්ෂ හයක් පමණ වසරකට ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

ඔවුන්ගෙන් එරට ආර්ථිකයට කිසිඳු වාසියක් අත් නොවන බවට ද චෝදනා එල්ල වුණා.