Friday, September 20, 2024

General line - 0115112241

උත්සව සමයේදී පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්




එළැඹෙන උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීමේදී හා සේවා සපයා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

එම අධිකාරිය කියා සිටියේ කූඨ වෙළෙඳුන් විවිධ උපක‍්‍රම ඔස්සේ පාරිභෝගිකයින් රැවටීමට හැකි බවයි.

වට්ටම් මිල අඩු කිරීම වැනි සහන ලබාදෙන බව පවසා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීමේ සූදානමක්ද පවතිනවා.

ලේබල් විකෘති කිරීම, කල් ඉකත් භාණ්ඩ අලෙවි කිරීම, වගකීම් සහතික ලබා නොදීම, භාණ්ඩ සඟවා තැබීම වැනි කරුණු සිදුවිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

එවැනි සිද්ධියක් ඇත්නම් 011 77 55 481 සිට 483 දක්වා දුරකතන අංකවලට ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.