Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව දෙසට හැරුණු පාගමනට පොලිසියෙන් ප්‍රහාර (UPDATE)




සරසවි සිදු විරෝධතා පාගමනට කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තා.

පාගමන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී එය මැඩපැවැත්වීම සඳහා පොලිසිය මෙසේ ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

15218467_1566163800077433_953475766_n 15218563_1566163776744102_1678635289_n 15226461_1566163833410763_746829948_n 15239388_1566163830077430_984812682_n 15239388_1566163883410758_1335778394_n 15240233_1566163796744100_350773767_n 15281835_1566163896744090_1428037291_n 15281876_1566163790077434_1170891683_n 15281983_1566163890077424_576497117_n 15300591_1566163786744101_1953097919_n


පාගමන නිසා කොළඹ රථවාහන තදබදය දැඩි වෙයි 

(Nov 29, 2016 @ 16:20)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බෞද්ධාලෝක මාවත, බොරැල්ල, රාජගිරිය සහ ඒ අවට මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

අදාළ පාගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ පවතින රථවාහන තදබදය හේතුවෙන් රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි.

විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව පාලම අසළින් වසා දැමීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.


දෙපිරිසක් නිසා කොළඹ තදබදයක්

(Nov 29, 2016 @ 14:49)

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීමටයි සැළසුම් කර ඇත්තේ.

පාගමන හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.

මේ අතර සමෘද්ධි නිලධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

පොලීසිය පවසන්නේ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

 

(අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ මෙම ඡායාරූපය නම් කර ඇත්තේ “නෑමට පෙර ලහිරු සහ ලහිරු” ලෙසයි.)

fireshot-capture-146-1-lahiru-weerasekara_-https___www-facebook-com_lahiru-weerasekara-3