Friday, September 20, 2024

General line - 0115112241

විදෙස්ගත ශ‍්‍රමිකයින් සඳහා වන විශ‍්‍රාම වැටුප ලබන වසරේ සිට




මෙවර අයවැයෙන් ඉකුත් වසරට සාපේක්ෂව සිය අමාත්‍යංශය සඳහා මුදල් කප්පාදුවක් සිදුකර ඇතත්, ඒ පිළිබඳ කණගාටු නොවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. ඇය ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

අයවැය යෝජනාවන්ට අනුව විදෙස්ගත ශ‍්‍රමිකයින් සඳහා වන විශ‍්‍රාම වැටුප ලබන වසරේ සිට කි‍්‍රයාත්මක වන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

විශ‍්‍රාම වැටුපට හිමිකම් ලැබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ශ‍්‍රමිකයින්ට පමණක් බවද තලතා අතුකෝරල අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.