Friday, September 20, 2024

General line - 0115112241

ධීවරයින් 30ක් තහනම් දැලේ පැටලෙයි




මන්නාරම, පුත්තලම සහ ත‍්‍රිකුණාමලය යන මුහුදු ප‍්‍රදේශවල තහනම් දැල් භාවිත කරමින් නීති විරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 30 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් මසුන් ඇල්ලීම සඳහා යොදාගත් ඩිංගි බෝට්ටු 8ක්, තහනම් දැල් 7ක් සහ ඔක්සිජන් සිලින්ඩර් 14ක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බවයි. ධීවරයින් සහ මෙම උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම, මන්නාරම සහ ත‍්‍රිකුණාමලය යන සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාල වෙත භාරදී තිබෙනවා.