Friday, September 20, 2024

General line - 0115112241

ආවා කල්ලිය එළියට ආවා




ආවා කල්ලියට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද (30) නියෝග කළා. ඒ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින්.

මෙම සැකකරුවන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු නොකරන බවත්, මුදල් විශුද්ධිකරණ පනත සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ පනත යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් එහි සඳහන් වුණා. සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.