Friday, September 20, 2024

General line - 0115112241

එකම දවසේ ජාතික රෝහලේ හදවත් සැත්කම් කළ 04ක් මියාම ගැන සැකයක්




කොළඹ ජාතික රෝහලේ පෙරේදා සිදුකෙරුණු හෘද සැත්කම්වලින් 04 දෙනෙකු මියයෑමට හේතුව ප‍්‍රමිතියෙන් තොර ඖෂධ හෝ වෛද්‍ය උපකරණ දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සැක පළ කරනවා. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව එවැනි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන් මීට පෙර ද පෙන්වා දී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

මියගිය රෝගීන් වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අදාළ මරණ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද ලැබිමට නියමිතයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 01, වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග, රසායනාගාර සේවා අධ්‍යක්ෂ කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, හදිසි වැටලීම් රෝහණ ද සිල්වා යන අයද මෙම විමර්ශන කමිටුවට ඇතුළත් වනවා.