Friday, September 20, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් රතු කට්ටට කළ කතාවෙන් ගම්මන්පිලගේ රතු කට්ට පනී




කඳවුරුවලින් පිටත කිසිදු ආගමික ඉදිකිරීමක් අලූතින් සිදුනොකරන්නැයි හමුදාවන්ට උපදෙස් දී ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉකුත් දා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ උතුරේ සහ නැගෙනහිර බොහෝ ස්ථානවල බුද්ධ ප‍්‍රතිමා ඉදිකරන්නේ හමුදාවේ ද සහය ඇතිව බවයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ද ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, උතුරේ සහ නැගෙනහිර බෞද්ධ උරුම රැසක් තිබෙන බව සිහිපත් කරමින්.