Thursday, September 19, 2024

General line - 0115112241

අදින් පසු සා/පෙළ ගුරුවරුන්ට තහංචි රැසක්




මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පන්ති, දේශන හෝ වැඩමුළු පැවැත්වීම අද (30) මධ්‍යම රාත‍්‍රියෙන් පසු තහනම් වනවා. අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ ප‍්‍රසිද්ධ කිරීම ද තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

විභාග ප‍්‍රශ්න හෝ ඊට සමාන ප‍්‍රශ්න ලබාදෙන බවට දැන්වීම් පළ කිරීම ද අද මධ්‍යම රාත‍්‍රියෙන් පසු තහනම් වනවා. මෙම රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ. සැකසහිත සිද්ධීන් පිළිබ`ද 119 හදිසි ඇමතුම් අංකයෙන් පොලිසියට හෝ 1911 දුරකථන අංකයෙන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකියි.