Thursday, September 19, 2024

General line - 0115112241

ප්‍රයිවට් අඩුව පුරවන්න ලංගම උපරිම උත්සහයක




ප‍්‍රවාහන සේවයේ ඇතිවිය හැකි හදිසි වර්ජනයකට මුහුණදීමේ අරමුනින් ලංගම රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික ක්‍ෂේත‍්‍රයන් හි සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

එ් අනුව දෙසැම්බර් පළමුවැනිදා සිට සතියක කාලයක් එම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රවාහන අමාත්‍යංශයේ අද (30) පැවති සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන තිබෙනවා.

පෞද්ගලික බස් සංගම් කිහිපයක් හෙට (01) දිනයේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව මීට පෙර ප‍්‍රකාශයට  පත් කළා. එ් අනුව ඊට මුහුණදීම සඳහා අතිරේක බස් රථ සේවා යෙදවීමට අද පැවති සාකච්ඡාවේදී සැලසුම් කෙරුණු බව ප‍්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.