Thursday, September 19, 2024

General line - 0115112241

බැඳුම්කර වෙන්දේසියකට පර්පචුවල් සමාගම අදත් ඇවිත් ලු




ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ටෙ‍්‍රසරීස් සමාගම අද (30) දිනයේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර වෙන්දේසියටද එක්ව ඇතැයි එ්කාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එ් සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මෙම චෝදනාව සිදු කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ 2015 වසරේ පෙබරවාරි මාසයේ සිදු වූ සහ 2016 මාර්තු මාසයේ යළි සිදු වූ වංචාව අද දිනයේත් සිදු වීමට ඉඩ ඇති බවයි. එම ආයතනයේ බලපත්‍රය තවදුරටත් සක්‍රියව පවතින බවත් සඳහන් කළා.