Friday, September 20, 2024

General line - 0115112241

විසිපන්දහසේ දඩය ගෙනා ඇත්ත හේතුව ඇමතිගෙන් එළියට එයි




රථ වාහන ධාවනයේදි සිදු කෙරෙන වැරදි කිහිපයකට රුපියල් විසිපන්දහසක දඩය යෝජනා කළේ තමන් බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මේ රට හදන්න එපැයි කවුරුහරි ඇවිල්ලා..හැමදාම මේ ජනප්‍රිය දේශපාලනය කරලා රට කොහෙටද යන්නේ. මම තමයි කිවුවේ 25000 ක් දඩ ගහන්න කියලා. විසිපන්දහාත් මදී.. මේවා මේ මිනිස්සු මරණ වැඩනේ.. මේ අවුරුද්දට දැනට හදිසි අනතුරුවලින් මිනිස්සු 25000 ක් මැරිලා තියෙනවා. මේවයේ කෙළවරක් දකින්න ඕනේ. ඒ අය හප්පලා රෝහලට එවනවා. අපි නිකං බෙහෙත් කරනවා..එක්කො අපේ රෝහල් ගාස්තු ඒ අයගෙන් ගන්න ඕනේ.” යනුවෙනි.