Friday, September 20, 2024

General line - 0115112241

බස් සහ දුම්රිය වර්ජනයට සියල්ල සූදානම්




රුපියල් විසිපන්දහසේ දඩයට විරෝධය පළ කරමින් හෙට (01) මධ්‍යම රාති‍්‍රයේ සිට සිය වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එ් පිළිබඳ කරුණු දැක්වූ එහි සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු සඳහන් කළේ තම සාමාජිකයන් 25000 සේ දඩයට මෙන්ම 2500 යේ උපරීම දඩයටත් විරුද්ධ බවයි. අදාළ වර්ජනයට පෞද්ගලික බස් රථ රියදුරන්, ත්‍රීරෝද රථ රියදුරන්, බර වාහන සහ පාසල් ප්‍රවාහන රථ රියදුරන් ආදී සියලු පාර්ශ්වයන් එක් වෙන බවත් සඳහන් කළා.

වර්ජනයට එරෙහිව විවිධ කඩාකප්පල් ක්‍රියා සිදුවෙනු ඇති බවත් එහෙත් වර්ජනය නවතා දැමීමට හැකි වන්නේ ඉල්ලීම්වලට නිසි පිළිතුරු ලැබීමෙන් පමණක් බවද මෙහිදී සඳහන් කෙරුණා.

මේ අතර දුම්රිය සේවා වෘත්තීය සමිති සාමුහික සන්ධානයද හෙට (01) මධ්‍යම රාති‍්‍රයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

එහි කැඳවුම්කරු ජානක ප‍්‍රනාන්දු සඳහන් කළේ මෙම වර්ජනයට දුම්රිය ධාවනයට සම්බන්ධ පාර්ශ්වයන් ඝෘජුව සම්බන්ධ වන හෙයින් එදින දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බවයි.

දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙනවා.