Friday, May 17, 2024

General line - 0115112241

දියණියගේ විශේෂ වැඩකට ජනපති හෙට එංගලන්තයට!



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එංගලන්තය බලා පිටත්ව යන බව වාර්තා වනවා.

ඒ සිය දෙවැනි දියණියගේ උපාධි පිරිනැමීමේ උත්සවය වෙනුවෙන්.

එංගලන්තයේ (University of Staffordshire with flying colours) ස්ටැෆර්ඩ්ෂයර් විශ්ව විද්යාලයේ නීති උපාධිය අවසන් කළ ධාරණි සිරිසේන මෙනවියගේ මෙම උපාධි ප්‍රධානෝත්සවය සඳහා ජනපති තුමන් පෞද්ගලික මට්ටමින් සහභාගිවීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඒ අනුව ජනාධිපති තුමන් හෙට(12) එංගලන්තය බලා පිටත්ව ගොස්, එළඹෙන 16 වන දා යලි දිවයිනට පැමිනීමට නියමිතව ඇත.