Thursday, September 19, 2024

General line - 0115112241

වවුචර් නොදී රෙදි දුන් විදුහල්පතිනියගේ වැඩ තහනම්




මහනුවර බදුර්දීන් මහමුද් බාලිකා විදුහලේ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ නිල ඇඳුම් වවුචර් සිසුවියන්ට ලබා නොදී ඒ වෙනුවට වෙනත් ස්ථානයකින් ලබාගත් නිල ඇඳුම් රෙදි සිසුවියන්ට ලබාදීමෙන් ඇය වරදක් සිදුකර ඇති බවයි.

නිල ඇඳුම් වවුචර් සිසු සිසුවියන්ට ලබාදීම සියලූම විදුහල්පතිවරුන්ගේ වගකීමක් බව අදාළ චක‍්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

එසේ නොකර එම වවුචර් විදුහල්පතිවරුන් සිය අභිමතය පරිදි යොදා ගැනීම රජයේ දේපළ සාවාද්‍ය පරිහරණයක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

නිල ඇඳුම් වවුචර් සම්බන්ධයෙන් වැරදි ලෙස කි‍්‍රයාකරන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් 1988 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියා.