Friday, March 29, 2024

General line - 0115112241

වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිබ්බාම සනීප වෙනවද? හිරුණිකාගේ කතාවෙන් පාර්ලිමේන්තුවම හෙල්ලෙයි(VIDEO)



පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා රාජපක්ෂ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී දැඩි අදහස් දැක්වීමක් කළාය.

ඒ අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

මෙහිදී ඇය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිදුවන විෂමාචර සිදුවීම් මෙන්ම දූෂිත නිළධාරීන් පිළිබඳ දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

‘‘මේ ළඟදි දවසක මමත් මගේ ලේකම්තුමත් ගියා බන්ධනාගාර කොමසාරිස්තුමා හම්බවෙන්න. ගියාට පස්සේ මම කිව්වා මේ හිරගේ ඇතුලේ අර දෙමටගොඩ චමින්දලා, එස් ටී එෆ් සරත්ලා ෆෝන් පාවිච්චි කර කර ෆේස්බුක් යනවා මේක ගැන දැනුවත්ද?කිව්වායින් පස්සේ මෙන්න මේ මනුස්සයා අඬන්න ගත්තා බන්ධනාගාර කොමසාරිස්වරයා අඬන්න ගත්තා‘‘ යැයි මන්ත්‍රීවරිය කියා සිටියේ මේ සියල්ල බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අනුදැනුම මත සිදුවන බව කියමිනි.

එමෙන්ම මෑතකදී රිමාන්ඩ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන ඇය අදහස් පල කලේ සභාව සිනාවේ ගිල්වමිනි.

‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිබ්බාම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න  ඕන ඒකයි’..

එම වීඩියෝව පහතින් නරඹන්න…