Wednesday, February 19, 2025

General line - 0115112241

පොලිස් ස්ථානාධිපතිවරු 10කට ස්ථාන මාරුවීම්?



පොලිස් ස්ථානාධිපතිවරුන් දස දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමට පොලිස් මූලස්ථානය නිර්දේශ කර තිබෙනවා.

මෙම නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයට එළඹෙනු ඇති. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව ලබන බ‍්‍රහස්පතින්දා රැස්වීමට නියමිතව තිබෙනවා.

ස්ථාන මාරු සඳහා නිර්දේශ වී සිටින ඇතැම් ස්ථානාධිපතිවරුන් එකම සේවා ස්ථානයක වසර 4කට වඩා වැඩි කාලයක් සේවය කළ අයයි.

අනෙක් අය විනය කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා.