ජාතික මට්ටමේ සියලු ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ඊයේ (07) සහභාගී වෙමින්.
ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග වැඩි වශයෙන් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.
වොලිබෝල් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සහය ලබාගැනීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.