Saturday, April 20, 2024

General line - 0115112241

දරුවෙකු අපයෝජනය කළ කාර්යය සහායකවරයෙකු අත්අඩංගුවට




වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ බවට සැකපිට කිලිනොච්චියේ පාසලක කාර්යාල කාර්යය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා පාසල් වේලාවෙන් පසු අමතර පන්තියකට සහභාගි වීමට යමින් සිටියදී සැකකරු ඔහු රවටාගෙන කිසියම් ස්ථානයකට රැගෙන ගොස් අපයෝජනය සිදුකර ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී දරුවන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු චෝදනා ලබා තිබෙනවා.

වයස අවුරුදු 29ක් වන ඔහු පලෙයි මරුදන්කේනි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.