Thursday, September 19, 2024

General line - 0115112241

ඉපැරණි පුස්කොලපොත් ගැන බුද්ධිකගේ අවධානය




විදේශ රටවල කෞතුකාගාර ඇතුළු විවිධ ස්ථානවල ඇති මෙරට වටිනා පුස්කොලපොත් ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති භාණ්ඩ යළි ලබාගැනීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් අරගලයේ එක් පරිච්ඡේදයක් නිමා කිරීම සඳහා එය අත්‍යවශ්‍ය බවයි.

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනෙකු රාජද්‍රෝහීන් කළ ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බවුන්රික්ගේ ලියවිල්ල අවලංගු කිරීමට ජනාධිපතිවරයා ඊයේ (08) ගනු ලැබූ පියවර අගය කරන බව ද මන්ත‍්‍රීවරයා කියා සිටියා.

එය මෑත කාලීනව කතාබහට ලක්වූයේ ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමත් සමගයි. නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමක දී බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළා.

ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය පිළිබඳ තමන් සතුටට පත්වන බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව ඇතුළු මාධ්‍ය ලබාදුන් දායකත්වය ද මෙහි දී ඇගයීමට ලක්වුණා.