Thursday, September 19, 2024

General line - 0115112241

සේරම හොඳ ශ්‍රීලනිපයට – සේරම නරක එජාපයට




ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක් ඇති කිරීමට උත්සහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් අද චෝදනා කළා.

ඔහු මෙම චෝදනාව කළේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ද මෙහිදී අදහස් දැක්වූවා. ඒ, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා නාමිකවම විවේචනය කරමින්.

මෙම ආණ්ඩුවේ වැරැද්දක් තිබෙනවා නම් සියල්ල එකලෙස භාර ගත යුතු බවත්,නොරොච්චෝලේ බිඳ වැටෙද්දී පොහොර පිළිබඳ ගැටලු මතුවෙද්දී ඒවාට අදාල අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියා තමන් වගකීමෙන් නොගැලවුණු බවත් ඔහු කියා සිටියා.අතැමුන් ආණ්ඩුවේ වැරදි සියල්ල එක්සත් ජාතික පක්ෂයටද හොඳ සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යොදා ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.