Wednesday, February 19, 2025

General line - 0115112241

උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට (UPDATE)



උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ කොළඹ සිට බදුල්ල දෙසට ගිය ලොරියක් බණ්ඩාරවෙල කොලතැන්න ප‍්‍රදේශයේදී දුම්රිය මාර්ගය මත පෙරළීයාමෙන් එහි දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබූ බවයි.

මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වීමට තිබූ පොඩිමැණිකේ දුම්රිය ද බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා දැමීමට සිදුවුණා.

………………………………………………………..

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

 

බණ්ඩාරවෙල කොලතැන්න ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය මත ලොරි රථයක් පෙරලීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කොළඹ සිට බදුල්ලට පැණිබීම ප්‍රවාහණය කරමින් තිබු ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයේ සිදුවු 50 වන රිය අනතුර මෙය බවද පැවසෙනවා.