Thursday, April 18, 2024

General line - 0115112241

නාමල්ට ගෙදරින් කන්න වෙයි වගේ




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ආහාර නිවසින් ගෙන්වා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (11) රාත‍්‍රී ඔහු ආහාර ලබාගෙන ඇත්තේ බන්ධනාගාරයෙන්.

ශ‍්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලැබුණු රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණා.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ලබන 18 වෙනිදා දක්වායි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකුම නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

ඔහු රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේයි.