Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නවතීද? මහ බැංකු වාර්තාවකින් හෙළිවන සත්‍යය මෙන්න



2016 වසරේ මුල් මාස අටේදී රථවාහන ආනයන වියදම සියයට 39.5 කින් අඩු වී ඇතැයි මහ බැංකුව පවසනවා.

2015 වසරේ මුල් මාස අටේදී අමෙරිකානු ඩොලර් මිලියන 904.6 ක්‌වූ රථවාහන ආනයන වියදම, මේ වසරේ මුල් මාස අටේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 547.1 ක්‌ දක්‌වා පහත වැටී තිබෙනවා.

මේ අතර ඉකුත් අගෝස්‌තු මස රථවාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 74.1 ක්‌ දක්‌වා සියයට 53.7 කින් පහත වැටී ඇතැයි මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත.