Friday, May 17, 2024

General line - 0115112241

අන්තවාදීන් ත්‍රී’මලේ බෝ ගසක් කපලා (PHOTOS)



ත්‍රිකුණාමලය , සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය කපා දමා බුදු මැදුරට හානි කිරිම අන්තවාදින්ගේ ක්‍රියාවක් බව සිංහලේ ජාතික බල මුළුවේ ජාතික සංවිධායක අරඹේපොල රතනසාර හිමි පවසයි.

නිලාවේලි පාරේ, සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය (10‍) දා කිසියම් පිරිසක් කපා එහි බුදු මැදුරට හානිකර තිබිම සම්බන්ධයෙන් සොයා බැලිමට පැමිණි රතනසාර හිමියෝ එසේ පැවසිය.

තව දුරටත් අදහස් දැක්වු අරඹේපොල රතනසාර හිමියෝ මෙය ආගම් වාදි ක්‍රියාවක් නොවෙයි.මෙය අන්තවාදි ක්‍රියාවක්.සිංහල බෞද්ධයන් විනාශකර දැමිමේ ක්‍රියාවක්.මෙවැනි ක්‍රියාවන් වලට අපි ඉඩ දෙන්නේ නැහැ යැයි පැවසිය.

මේ අතර උතරු සහා නැගෙනහිර සිංහල සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් එහි ජාතික සංවිධායක ආර්.එම්.අනුර බණ්ඩාර මහතා පවසන්නේ මෙය ජාතින් අතර ඇති සංහිදියාව නැති කිරිමට දරණ උත්සහයක් බැවින් මේ සදහා ඉවසිමෙන් කටයුතු කල යුතු බවය.

මේ අතර කඩා දමා තිබු බුදුමැදුර පිළිසකර කිරිම ද ඇරඹු අතර පොලිසිය එම ස්ථානයේ ආරක්ෂාව තරකර තිබේ.

dscn4916

ඡයාරූප – ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද