Friday, April 26, 2024

General line - 0115112241

වැට් තීන්දුව දැන් පාර්ලිමේන්තුව අතේ




වැඩි කෙරුණු වැට් බද්දෙන් මහජනතාව බේරාගැනීමේ අවස්ථාව දැන් පාර්ලිමේන්තුවට ලැබී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) පැනවූ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කොළඹ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව පැවසුවේ.

සියයට 11ක්ව පැවති වැට් බද්ද ඉකුත් මැයි මස 2 වෙනිදා සිට සියයට 15ක් දක්වා වැඩි කෙරුණා.

මීට පෙර වැට් බද්ද අදාළ නොවූ ක්ෂේත‍්‍ර කිහිපයක් සඳහා ද එදින සිට වැට් බද්ද පනවන බවයි ආණ්ඩුව පැවසුවේ.

මෙම වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරංවශ මහතා ඇතුළු පස්දෙනෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමින්.

මේ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (11) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුවට පැහැදිලි බහුතරයක් තිබෙන බැවින් අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඒ අනුව මැයි මස 2 වෙනිදා සිටම බලාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද අයකර ගන්නා බව මුදල් අමාත්‍යංශය පැවසුවා.