Thursday, November 30, 2023

General line - 0115112241

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී මුදල් අයකැමිවරයෙකුට පහරදීමක්




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අද (12) දහවල් කළහකාරීව හැසිරුණු පිරිසක් මුදල් අයකැමිවරයෙකුට තියුණු ආයුධවලින් පහර දී පලාගොස් තිබෙනවා.

තුවාල ලැබූ මුදල් අයකැමිවරයා රෝහල්ගත කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

පහරදීම සිදුකළ අය හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන බව පොලිසිය පැවසුවා