Friday, April 19, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි කිරීමට අනුමැතිය




බස් ගාස්තු සියයට 06 කින් වැඩි කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ වැඩි කිරීම් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව රුපියල් 08 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 09 දක්වා ඉහළ යනු ඇති. බස් ගාස්තු සංශෝධනය ක‍්‍රියාත්මක වන්නේ අගෝස්තු මස පළමුවැනිදා සිටයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා බස් ගාස්තු වෙනස් විය හැකි ආකාරය පිළිබඳ අදහස් පළ කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ රුපියල් 12 ක් ව පවතින දෙවන බස් ගාස්තුව රුපියල් 13 ක් දක්වාත් රුපියල් 15 ක්ව ඇති බස් ගාස්තුව රුපියල් 16 ක් හෝ 17 ක් දක්වාත් රුපියල් 22 ක් ව පවතින බස් ගාස්තුව රුපියල් 24 දක්වා වශයෙන් ද සංශෝධනය වෙනු ඇති බවයි.