Saturday, April 20, 2024

General line - 0115112241

නීෂා බිස්වාල් පැමිණෙයි




දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණ තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර සිට මිහින් ලංකා ගුවන් සේවයට අයත් MJ – 502 දරණ ගුවන් යානයෙන් අද (12) පස්වරුවේ නීෂා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණියා.

එහිදී ඇය මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයන්ද හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සහ ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ නිෂා බිස්වාල් මහත්මිය මෙහිදී සාකච්ඡා කරනු ඇති.