Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පිළිවෙතට ගැළපෙන ජාතික ගීයක් ඩලස් නම් කරයි




හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවතට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ හම්බන්තොට වරායේ තක්සේරුගත වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් වන බවයි.

එහෙත් එය චීනයට පැවරීමට යන්නේ එම වටිනාකමෙන් භාගයකටත් වඩා අඩු මුදලකට බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කළා.

රටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය වන බවයි මෙහි දී ප්‍රකාශ කෙරුණේ. එබැවින් නන්දා මාලිනියගේ රට කරවන්න නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්නැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී යෝජනා කළා.