Friday, March 29, 2024

General line - 0115112241

30 වසරක වේදනාබර මතකයන් පරයා නැගුණු දෙනෙතට කඳුලක් එක්කළ මනුස්සකම – යාපනය අනතුරින් මියගිය දකුණේ ජනතාව සිහිකර අනතුර සිදුවූ තැනට එක්වී උතුරේ ජනතාව කළ සැමරුම (PHOTOS)



පහුගිය දවසක යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ සිදුවුණ රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකුට වඩා මියගිය බව හැමෝටම මතක ඇති.ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගියා.

මියගිය සියලු දෙනා වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් බව පසුව අනාවරණ වුණා. ඔවුන් හොරණ මිල්ලණිය ප‍්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

අනතුර සිදුවුණ වෙලාවේ අවට සිටි දෙමළ ජනතාව බොහෝ සෙයින් උදව් කළ බවයි අපට ආරංචි වුණේ.

ඒ විතරක් නෙමෙයි පහුගිය 19දා සන්ධ්‍යාවේදී ඔවුන් මෙම රිය අනතුර සිදුවුණ තැනට ඇවිත් ඉටිපන්දම් දල්වලා අනතුරින් මියගිය අය සිහිකරලා හින්දු සාම්ප්‍රදායට අනුව ඔවුන්ට විමුක්තිය ප්‍රාර්ථනය කිරීමේ සැමරුමක් සිදුකර තිබුණා. ඒ පිළිබඳ ඡයාරූප කිහිපයක් සමාජ ජාලා වෙබ් අඩවි තුළ මේ වන විට හුවමාරු වෙමින් තිබෙනවා.

එහිදී ඔවුන් පළකල දැන්වීමක ඡායාරූපයක්ද තිබුණා. එහි සඳහන් වුණේ ‘‘ 17.12.2016 දින යාපනයේ දරැණු අනතුරින් පීවිත හානි වූ දකුණුලක සහොදරයින්ට අපගේ හදපිරි ශෝකය පුකාශ කරන්නෙමු ‘‘ යනුවෙන්.මේ දැන්වීම යාපනය නගරයේ ඇතැම් ත්‍රීරෝද රථ තුළ මෙන්ම බස්රථ තුළද අලවා තිබුණ බවයි අපට ආරංචි වුණේ..

15492483_1394421123924222_249564032887861237_n

15541465_1394421133924221_5510868029221770422_n

15578912_1394421083924226_6030077194959788981_n

15590484_1394421080590893_432291737674911648_n

15590514_1394421127257555_444764809490555807_n

15590595_1394421087257559_7931769601184825790_n

15622192_1190654387636921_2365653708710289502_n