Sunday, September 8, 2024

General line - 0115112241

අනුරපුරින් අමනුස්ස වැඩක් – අඹගස් පෙළක් කපලා පක්ෂින් අනතුරේ!



 

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට මාර්ගයේ පිහිටි අඹගස් පෙළ සම්පූර්ණයෙන්ම කපා දෑමිමට ඩිපෝ බළධාරින් ගත්පියවර හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ ගස්මත නිවහන් තනාගෙන ජීවත්වු පක්ෂි විශේෂ කිහිපයක වාසස්ථානයන් අහිමිවීමෙන් එම සතුන් අසරණභාවයකට පත්ව සිටිති.

වසර ගණනාවක් තිස්සේ කොක්කුන් හා කපුටන් පරම්පරා කිහිපයක් කිසිදු හිරිහැරයක් නොමැතිව මෙම ගස්මත කූඩුතනාගෙන ජිවත්වූ අතර පෙරේදා (12) දිනයේ එම ගස් කපාබිම හෙළිමෙන් පියඹා යෑමට නොහැකි තත්ත්වයේ පසුවන කොක්කු පැටවුන් 100 කට වැඩි ප්‍රමාණයක් කපාදෑමූ ගස්මත කූඩු තුළටවී භිතියෙන් සිටින අයුරු හදකම්පාකරණ දසුනක් බවට පත්විය.

කූඩු තුළටවී සිටි පැටවුන්ගේ මව් පියන් කපාදැමූ ගස් ආසන්නයට වී පියාසර කරමින් දරුවන් රැක ගැණිම මහත් වෙහෙසක් දරණ අයුරුද දැකගත හැකිවිය. අනුරාධපුර ඩිපෝවේ පරිපළනය විසින් මාර්ගය ඉදිරිපිට පිහිටි අඹගස් පෙළ කපාදමා පක්ෂින් දහස් ගණනක වාසස්තානයන් විනාශ කිරිමට සේවකයන් විශාල පිරිසක් අප්‍රසාදය පළ කළහ.

වසර තිහකට හතලිහකට වැඩි පරණ අඹගස් පෙලේ පක්ෂීන් දහස් ගණනක් ජීවත්වුණා.පියාඹන්න බැරිකුඩා පැටවු සියයකට වැඩි ප්‍රමණයක් බිමවැටි සිටිනවා එම සතුන්ගේ ජීවිත අවදානමට ලක්වී තිබෙනවා. අපිට වගේම ඒ අසරණ සතුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. හෙට අනිද්දා වෙද්දී පැටවුන් විශාල ප්‍රමාණයක් මියයන්න ඉඩ තිබෙනවා.මනුස්සකමක් නැති පහත් මිනිසුන්ගේ පහත් ක්‍රියාවන් තමයිමේ. ඩිපෝවේ සේවකයන්ට හිරිහැරයි කියලා තමයි දම්වැල් කියතක් ගෙනල්ලා ගස්ටික කැපුවේ යැයි ඔවුන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ඩිපෝවේ ඩිපෝ අධිකාරී ඩී.එස්. සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.ඩිපෝවට මෙම පක්ෂින්ගෙන් විශාල හිරිහැරයක් සිදුවනවා. ඒ නිසා වනජීවි නිලධාරින්ගේ අවසරය මත ගස්කපා පක්ෂි වාසස්ථානයන් විනාශකරා.

සතුන් මැරිලා ගද ගහනවා සතුන්ගේ මළ කුණු ආයතන භූමියට වැටෙනවා.වසුරුගඳ ඉවසන්න බෑ.සතුන්ගෙන් පිටවන කුඩා අංශු වලින් ස්වසන රෝගයන් හැදෙනවා.දවසට දෙතුන් දෙනෙක් අසනීපවෙලා රෝහල්ගත කරනවා.සත්තු වගේද මිනිස්සු.අපි අපේ මිනිස්සුන්ව ආරක්ෂාකරගන්න ඕනෑ යැයි ඒ මහතා පැවසීය.