Sunday, September 8, 2024

General line - 0115112241

කාන්තාවන් කාමරවලට ගෙනගොස් Sex Video හදන පිරිමින් ගැන විශේෂ හෙළිදරව්වක්! (පාඨකයාගේ ලිපිය)



ශ්‍රී ලංකාවේ පිරිමි Sex Videoවලට මේතරම් බය ඇයි? මැයෙන් පලකළ ලිපිය කාලීන අවශ්‍යතාවයක් ලෙස ඉතාම අගයකරමි. එම ලිපියේ සඳහන් එක් විශේෂිත කරුණක් කෙරෙහි අවදානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් අන්තර්ජාලය තුළ හුවමාරු වන ශ්‍රී ලංකික අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සම්බන්ධ ව ය.

බොහෝ විට මෙවැනි දර්ශන වල පෙනිසිටිනුයේ ආදරයේ නාමයෙන් මුලාවට පත්වන තරුණියන් බව අපි සිහිපත් කරගත යුතුය. බොහෝ විට පාසල් යන වයසේ, හෝ පාසැල් වයසෙන් පසුව වයසින් අඩු තරුණියන් සිටින දර්ශණ ඕනෑතරම් අන්තර්ජාලය පුරාවට ප්‍රචාරය වනු දැකිය හැකිය. මේවයේ විශේෂත්වය වනුයේ දර්ශනයේ පෙනී සිටින දෙදෙනාගෙන් අනන්‍ය තාවය පැහැදිළි වනුයේ තරුණියගේ පමණකි. බොහෝ විට පිරිමියා ගේ අනන්‍යතාවය හෙළි නොවන ලෙස දර්ශණ පටිගත කිරීමට ඔහු වගබලා ගන්නා අතරම ඒ කුමක් සඳහාද යන්න ගැන අවධානය යොමුකිරිම වැදගත්ය. පිළිතුර සරළය එනම් තවත් ගොදුරක් වෙනුවෙන් ඔහු ඉඩ ප්‍රස්ථාව ඉතිරි කරගැනීම ට ය.

මෙම දර්ශන අන්තර්ජාලයට එකතු කරන පුද්ගලයන් ගේ අදාළ profile වලට පිවිසීමෙන් ඔබට කරුණු අවබෝධ වනු ඇත. එකම පුද්ගලයා තරුණියන් කිහිපදෙනෙකු සමග මෙලෙස හැසිරෙමින් දර්ශන ලබාගන්න අතර සුපුරුදු පරිදි ඒවා අන්තර්ජාලය වෙත යොමුකරයි. මෙවැනි පුද්ගලයින් හඳුනා ගැනීම දුෂ්කර කාර්යක් වනුයේ කිසිම විටක සත්‍ය තොරතුරු සැපයීමට මොවුනට අවශ්‍ය නොවීමයි. බොහෝවිට මේ හා සම්බන්ධිත අසභ්‍ය වෙබ් අඩවි තුළ අසභ්‍ය දර්ශණ සඳහා අධික ලෙස ඇබ්බැහි වූ පිරිස් එකතු වන අතර ඔවුන් අතර ඉතාම වේගයෙන් මෙකී දර්ශන හුවමාරු වනු ඇත.

මෙකී පුද්ගලයින් මානසික පිරිහීමක් හෝ පහත් මානසික මට්ටමක් පවතින පිරිසක් ලෙස හැඳින්වීමට සුදුසු යයි සිතමි. ඔවුන්ට කිසිදු මානුෂික මුහුණුවරක් ඇත්දැයි සැක සහිතය. කෙසේ වෙතත් සමාජය කෙතරම් දැනුවත් කළද අහිංසක තරුණියන් රවටා ගැනීමට තරම් ඔවුන් දක්ෂය. ආදරෙන් අන්ධ වූ විට ඕනෑම දෙයක් පුජා කිරීමට තරම් බොළඳ වන තරුණියන් පිරිසක් සිටීම ඔවුන්ගේ වසනාවය. බොහෝ විට තම ජිවිතයට අනන්තයෙන් පැමිණෙන කුමාරයා ලෙස ඔවුන් මෙකී පුද්ගලයින් හඳුනාගන්නවා ඇති. දෙමාපියන් නොමැති අවස්ථාවක හෝ දෙමාපියන් දුක් මහන්සියෙන් උපයා ගන්නා අදායමෙන් අතිරේක පන්ති යන දිනක සමාජයේ පවට පහවූ අමනයෙකුගේ ගොදුරක් වන්නේ එබැවිණි. සිදු වූ සියල්ල හා තමන් විනාශ වූ බව අවබෝධ වනවිට සියල්ල සිදු වී හමාරය. පිහිටට සිටිනුයේ කවුරුන්ද ? කවුරුන් හට නම් පවසන්නද ? විටක මෙය තවත් එක් සිදුවීම් දාමයක ආරම්භය වන්නට ද පුළුවන. සියල්ල මුදලට යටවන, කුණු රස සොයන සමාජයක කාගේ නම් පිහිටක් ද ? කුමරියක මෙන් ආදරයේ සිහින මැවූ ඇයට සිදු වනුයේ පට්ට බඩුවක් වීමට නොවේද ?

කෙසේ වෙතත් මෙළෙස අනාවරණය වනුයේ ඉතාම සීමිත අවස්ථාවන් කිහිපයක් පමණකි. සැඟවුණු අවස්ථා අනන්තවත් පැවතිය හැකිය. වඩා වැදගත් වනුයේ මෙවැනි අමන මිනිසුන් හඳුනාගැනීම සඳහා සමාජය දැනුවත් කිරීමය. අගතියට පත් අයවලුන් හට තම පුද්ගලිකත්වය ආරක්ෂා කරගත හැකි විශ්වසනීය ආයතනයකට අදාළ තොරතුරු ලබාදීමට අවස්ථාව ඇති කළ යුතුය. ඒ සඳහා සම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කළ යුතුයැයි සිතමි (මෙවැනි අවස්ථාවකට පත් වූ කෙනෙකුට සමාජයට අඬබෙර ගසමින් මෙවැනි ආයතනයකට පැමිණීමේ හැකියාවක් හෝ නිවසට නිලධාරීන් ගේනවා ගැනීමේ හැකියාවක් නොමැති වන්නට පුළුවනි). එය එබඳු පුද්ගලයින් පිලිබඳ තොරතුරු ලබාදීමට අදාළ පාර්ශව උනන්දු වන ආකාරයක ක්‍රමවේදයක් විය යුතුය. ඔවුන්ගේ බිඳ වැටුණු සිත් නැවත සකස් කළ යුතුය. අවසාන වශයෙන් මෙරට අද්‍යාපනය තුලට ලිංගිකත්වය සහ හැඟීම් පාළනය පිලිබඳ සංකල්ප ඇතුළත් කළ යුතුයැයි සිතමි. විරුද්ධ ලිංගිකයින් සමග ධනාත්මකව ගනුදෙනු කිරීමට සිසු දරුවන් හට කියා දිය යුතුව ඇත.

ෂෙනෙශ් දිසානායක

ශ්‍රී ලංකාවේ පිරිමි Sex Videoවලට මේතරම් බය ඇයි? ලිපිය මෙතනින් කියවන්න

කතෘ සටහන – මේ සම්බන්ධයෙන් ඔබේ අදහස හෝ සමාජ වැදගත් කමකින් යුත් වෙනත් විෂයයක් සම්බන්ධයෙන් ඔබේ අදහස “සිංහල Unicode අකුරු“ භාවිතයෙන් ලියා මාතෘකාව “කතෘට ලියුම්“ යනුවෙන් සටහන් කොට [email protected] විද්‍යුත් ලිපිනයට එවන්න.