Friday, January 10, 2025

General line - 0115112241

සුද්දන්ට මර උණ ගැන්වූ සූර සරදියෙල්ටත් යුක්තිය?




බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු වීර කැප්පෙටිපොළ මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකු එම ලේඛනයෙන් ඉවත් කළාසේම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් එලෙස දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති සෙසු වීරවරයන් ද එම ලේඛනයෙන් ඉවත් කරන්නැයි නැවත ඉල්ලීමක් කෙරෙනවා.

වීර මොණරවිල කැප්පෙටිපොළ ජාතික පදනම පවසන්නේ 1817 සිට 1948 දක්වා කාලයේ අවස්ථා 03ක දී වීරවරයන් 980 දෙනෙකු බ්‍රිතාන්‍ය විසින් දේශද්‍රෝහින් ලෙස නම්කර ඇති බවයි. ඔවුන් සියලූ දෙනා රට ජාතිය වෙනුවෙන් දිවි පිදූවන් බව ද ඒ අනුව දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර ඔවුන්ට ගෞරව දැක්විය යුතු බව ද මෙහි දී අවධාරණය කෙරුණා.

වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ ඇතුළු 19 දෙනෙකු දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිෙමේන්තුවේ දී කළ පෙන්වාදීමකින් පසුවයි.

අනතුරුව දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කළ යුතු සෙසු වීරවරයන් පිළිබඳවද බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නා. සූර සරදියෙල් ද ඔවුන් අතරින් කෙනෙක්.