Friday, October 18, 2024

General line - 0115112241

කැරෝකේ වසන්තව කාන්තාවන් දෙදෙනෙක් කොල්ලකයි



රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු වන කැරෝකේ වසන්ත නොහොත් දොන් සුර්න්ද්‍ර වසන්ත පෙරේරාගේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සහ රන් ආභරණ තොගයක් සොරා ගෙන ගොස් තිබෙනවා.

කලක් ඔහුසේ රාත්‍රී සමාජ ශාලාවන් හී අධ්‍යක්ෂකවරියන් ලෙස කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙම සොරකම සිදු කර ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී ඇත්තේ.

සොරකම් කරන ලද භාණ්ඩ අතර රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක්, රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනාකමකින් යුත් තවත් අත් ඔරලෝසුවක් සහ රන් ආභරණ තොගයක්, බැංකු ගිණුම් කාඩ්පත් කිහිපයක් තිබී ඇතැයි ද වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ල පොලිසිය වෙත ලැබී ඇත්තේ සොරකම සිදු වී දින 04 කට පසුවයි. සිංගප්පූරුවේ සිට අදාළ බැංකු ගිණුම් කාඩ්පත්වලින් මුදල් ලබාගෙන අැති බවට දැනගන්නට ලැබුණු බවද කැරෝකේ වසන්ත පොලිස් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.