Sunday, September 8, 2024

General line - 0115112241

ලෝකයම උස්සපු කැමරන්ගේ පෙට්ටිය!



බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සිය නිළ නිවසෙන් පිටත්ව යන අවස්ථාවේ ඔහු විසින්ම එහි බඩුබාහිර ආදිය ඔසවාගෙන යන අයුරු දැක්වෙන ඡයාරූපය මීට වසර 9කට පෙර ගන්නා ලද එකක් බව අණාවරණය වී තිබෙනවා.

ඩේවිඩ් කැමරන් ඊයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර තෙරේසා මේ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා.

ඩේවිඩ් කැමරන් විශාල ප්‍රමාණයේ කාඩ්බොඩ් පෙට්ටියක් ඔසවාගෙන යන අයුරු දැක්වෙන මෙම ඡායාරූපය 2007 වසරේදී ලබාගත් එකක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ලෝ පුරා මාධ්‍ය රැසක් මේ වනවිට වාර්තා කර තිබෙනවා.

මෙරට මාධ්‍ය ගණනාවක්ද අදාළ ඡායාරූපය සහ ඩේවිඩ් කැමරන් හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ සරළ බව පිළිබඳව ඉතා ඉහලින් අදහස් දක්වා තිබුනා.සත්‍ය ලෙසම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පසුගිය 2007 වසරේදී සිය පදිංචිය මාරු කරන අවස්ථාවක මෙම ඡායාරූපය ලබාගෙන තිබුණා.

කැමරන්ගේ වසර 9කට පෙර තරුණ බවද මෙම ඡයාරූපයේ පෙනෙන්නට තිබෙනවා.

camtoysLONMED0404_468x334 cammoveLONMED0404_468x665