Friday, April 19, 2024

General line - 0115112241

වෙඩි වරුසාවකින් අවසන් ගමන් ගිය ‘කුඩු ලන්සියාට’ ගුවනේ සිට මල් වරුසාවකින් ආචාර



මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ  පාතාල සාමාජිකයකු ලෙස පොලිස් පොත්වල සඳහන්වූ ලන්සියා නමින් හැඳින්වූ සුරේෂ් අසංක සිල්වාගේ අවමගුල් පෙරහැරට ගුවනින් මල් ඉස ඇතැයි වාර්තා වනවා.

පෞද්ගලික ආයතනයක හෙළිකොප්ටරයක් යොදා ගනිමින්  රත්මලාන නිවසේ සිට දේහය රැගෙන යන විට එයාර්පෝර්ට් හන්දිය ඇතුළු ස්ථාන කිහිපයක දී ඔහුගේ දේහයට මල් ඉස ඇති බවයි පැවසෙන්නේ.

සුරේෂ් අසංක සිල්වා හෙරොයින් ග්‍රෑම් 100ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට මහර අධිකරණයට පැමිණි අවස්ථාවේ  ඔහුගේ බිරිඳ නැඟණිය සහ දරුවා සමග මෝටර් රථය අසලට පැමිණි අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

මෙම පුද්ගලයා දකුණේ පාතාල ප්‍රබලයකු ලෙස හැඳින්වෙන  මධූෂ් සමග එක්ව  හෙරොයින් ජාවාරමේ නිරත වූ බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.