Sunday, September 8, 2024

General line - 0115112241

හතුරු සාත්තුව!



පාපන්දු තරගයක් අතරතුර අබාධයකට ලක්වන ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට පිටිය මැදදි සත්කාර කරන තවත් ක්‍රීඩකයෙක් සිටින ඡයාරූපයක් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල සැරිසරනවා.

මෙම සිදුවීම වාර්තාවන්නේ මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදීයි.

මාතර ශාන්ත තෝමස් විද්‍යලය හා රාහුල විද්‍යාලය අතර පැවති වාර්ෂික පාපන්දු තරගයේදී රාහුල විද්‍යාලයේ ක්‍රීඩකයෙකුට (තැඹිළි පාට) ශාන්ත තෝමස් ක්‍රීඩකයෙකු ආබාධයකට උදව් කරන ආකාරයයි මෙම ඡයාරූපයේ දැක්වෙන්නේ.

මෙය මෙම තරගය නැරඹීමට පැමිනි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින්ගේ දැඩි අවධානයට ලක්වූ සිදුවීමක් වුණා.

විද්‍යාල දෙක අතර පවතින සුහදතාවය මොනවට ප්‍රදර්ශණය වූ අවස්ථාවක් ලෙසද මෙය හඳුන්වා දිය හැකියි.

බොහෝ පාසැල් තරඟ අතර ඇතිවන ගැටුම්කාරී තත්වයන්ටද මෙය කදිම උදාහරණයක් වනවා.

තරගය මාතර ශාන්ත තෝමස් කණ්ඩායම ජයගත්තේ ද පැමණි සිටි නරඹන්නනට ද තියුණු තරඟක ඇත්දැකීම් ලබාදෙමින්.

තරගයේ පළමු අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ගෝලය වාර්තා කළ අතර රාහුල විද්‍යාලය දෙවන අර්ධයේදී ගෝලයක් වාර්තා කළා.

නියමිත කාලය අවසානයේදී දෙපිළම සමානව ගෝල ලබාගත් හෙයින් දඩුවම් පහර සදහා අවස්ථාව ලබාදුන්නා.

එහිදීද දෙපිළම ගෝල 5 බැගින් වාර්තා කලා

ඉන්පසුව අතිරේක දඩුව්ම පහර ලබාදුන් අතර එහීදි 1- 0 ලෙස ශාන්ත තෝමස් කණ්ඩායම තරගයේ ජය වාර්තා කළා.

13620209_1231695170176975_7271880335168343360_n

13567374_1077109105716290_645120313978842637_n 13592158_1077109062382961_6712832594395683060_n 13606695_1077109119049622_3731062856229303257_n 13612341_1077109235716277_832573885223972081_n 13619816_1077109035716297_3241781058450357433_n