Friday, October 18, 2024

General line - 0115112241

ජනප්‍රිය පාසල් 36ක ප්‍රාථමික අංශ ඉවත් කරන්නැයි ඉල්ලීමක්




පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අර්බුදයට විසඳුම් ලබාදීමට වත්මන් රජය ද මෙතෙක් ක්‍රියාමාර්ග වී නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් පැවසුවේ මෙවර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි.

ජාතික අධ්‍යාපන කොමිසම යෝජනා කළ පරිදි ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික අංශය ඉවත් කිරීම, ගැටලූව විසඳීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ග බවද ජෝශප් ස්ටාර්ලින් වැඩිදුරටත් පෙන්වා දුන්නා.