Friday, October 18, 2024

General line - 0115112241

එක්වී ජයග්‍රහණ රැසක් ලැබුවා




ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් සංවිධාන කරන නිල මෙහෙවර ගාල්ල දිස්ත්‍රික් ජනපති ජනතා සේවයේ සමාප්ති උත්සවය ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී අද පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.

එහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රටක් සංවර්ධනය කිරීමේදී ඊට ගැලපෙන අයුරින් ප්‍රතිපත්ති ද වෙනස් කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවය අමතමින් කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව රාජ්‍ය පාලනය සිදුකිරීම තුළින් ජනතාවට ජයග්‍රහණ රැසක් අත්ව තිඛෙන බවයි.

තවදුරටත් එකට එක්වී කටයුතු කිරීමෙන් ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.