Friday, October 18, 2024

General line - 0115112241

ජල විදුලි නිෂ්පාදනය අඩියටම වැටෙයි – කප්පාදුවක් අත ළඟ?




පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව සියයට 34ක් දක්වා පහත වැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

මේ හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් ජල විදුලි උත්පාදනය මගින් ලබාදෙන කොටස සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.