සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය තීරණය කළා.
ඊයේ දිනය අවසාන වන විට පකිස්ථානය කඩුලු 6ක් දැවී ලකුණු 282 ලබා සිටියා.
මෙහිදී 42 හැවිරිදි පාකිස්ථානු නායක මිස්බා උල්හක් විශිෂ්ඨ ශතකයක් ලබා ගත්තේ, 1934 පසු ටෙස්ට් ශතකයක් ලබාගත් වයස්ගතම ක්රීඩකයා බවට පත්වෙමින්.
ඔහු ශතකය ලබාගත් පසු pushups 10 ගසමින් එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.
පසුව ඒ පිළිබඳ අදහසක් දක්වමින් මිස්බා කියා සිටියේ ඔවුන් එංගලන්තයට පැමිණීමට පෙර පකිස්ථාන යුධ හමුදා කඳවුරක කාලය ගත කර බවත්,තමා එංගලන්තයේදී ශතකයක් ලබාගතහොත් ඔවුන් සිහිකිරිමට මෙසේ pushups 10 ගසන බව ඔවුන්ට පොරොන්දු වූ බවත්ය.
එම වීඩියෝව පහතින් නරඹන්න.