හොංකොං සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමින් තිබූ භාණ්ඩ ප්රවාහන යානයක් කඩා වැටීමෙන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බී බී සී ලෝක සේවය වාර්තා කළේ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස කිරිගිස්තානයට කඩා වැටී ඇති බවයි.
මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බවයි බී බී සී ලෝක සේවය සඳහන් කළේ. මියගිය අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි.