Saturday, July 27, 2024

General line - 0115112241

සැම්සුන්ග් සමාගමේ ලොක්කා පොලිස් දැලේ (VIDEO)




ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ‘ලී’ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසනවා.

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔහු දකුණු කොරියාවේ විශ්‍රාම වැටුප් අරමුදලින් කොටසක් සැම්සුන්ග් සමාගමේ ආයෝජනය සම්බන්ධයෙන් නීතියක් අනුමත කර ගැනීම සඳහා එරට ජනපති පාර්ක් ග්වේන් ගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇතැයි එම වාර්තා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියා පොලිසිය ඔහුගෙන් පැය ගණනාවක් පුරා ප්‍රශ්න කිරීම් සිදුකර ඇතැයි ද සඳහන්.