Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් පැටිකිරිය ඇවිස්යිසෙයි




සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබඳ අද පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී අදහස් පළ කෙරුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ සැවොම අධිකරණයේ තීන්දුව පිළිගතයුතු බවය. සයිටම් පමණක් නොව ඉදිරියේදී තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවනු ඇති බවයි ඔහු පැසුවේ.

ජාතික නිදහස් පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සයිටම් සම්බන්ධයෙන් පැවසූවේ එස්.බී දිසානායක අමාත්‍යවරයා සයිටම් ආයතනයට උපාධියක් ලබාදීමේ අයිතිය ලබා දීමට කූට ක්‍රියාවක් කළ බවය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සයිටම් ආයතනයට වෛද්‍ය උපාධියක් ලබා දීම සඳහා අවසරය ගනිද්දී රුසියානු රෝහලකින් සායනික පුහුණුව ලබාදෙන බව පවසා ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ මෙම ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ සිටි තමා ඇතුළු සැවොම වගකිව යුතු බවය. මෙය දේශපාලන කාරණාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවය.

සයිටම් ආයතනය ආරම්භ කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යහපත් කටයුත්තක් බවයි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ.

මේ අතර මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍ය සිසුන් අද පස්වරුවේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට නුගේගොඩ මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණියා. ඉන් අනතුරුව නුගේගොඩ මංසන්ධියේ සංවිධාන කර තිබූ විරෝධතා රැළියකට ද එක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.