කමල් අද්දරආරච්චි මේ දිනවල ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරතවනවා.
ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරයන්ට පණපොවන කමල් අද්දරආරච්චිව වේෂ නිරූපණයෙන් හාත්පසින්ම වෙනස් කර ඇති බවයි මෙම චිත්‍රපටයේදී දක්නට ලැබෙන්නේ.
"ඔව්. වේෂ නිරූපණ ශිල්පියා නාරද මගේ දත් ඇන්ද පවා වෙනස් කළා කියලා තමයි කියන්න වෙන්නෙ. කටේ තියෙන දත් ඇන්දට අමතරව තව එකක් කටට දැම්මාම මුල් කාලයේ නම් කතා කර ගන්නත් අමාරු වුණා. දැන් නම් මට ඒක හරිම හුරුයි. ඒ නිසා දැන් මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ‘මට මගේ නොවන මගේම දත් ඇන්දක් තියෙනවා’ කියලා." යනුවෙන් කමල් අද්දරආරච්චි මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා.