Friday, March 29, 2024

General line - 0115112241

සාක්කුවට අත දමා 'මාලිංග කරන වැඩක්' විනිසුරුට මාට්ටු - මෙන්න සාක්කුවෙන් එළියට ගත්ත දේ



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය සිකුරාදා (17)  තරගය පැවැත්වෙන අතර විනිසුරුවරයා විසින් ලසිත් මාලිංගගේ සාක්කුව හදිසියේ පරීක්ෂා කරනු ලැබුවා. ඕස්ට්‍රේලියා ඉනිම අතරතුර 17 වැනි පන්දුවාරයේදී මාලිංග විසින් සාක්කුවේ දමාගෙන සිටි යමක් පිටතට ගෙන යළි සාක්කුව තුළට දැමීම නිසා විනිසුරු මයික් මාර්ටල් ඔහු වෙත පැමිණ සාක්කුවේ තිබෙන්නේ මොනවාදැයි ප්‍රශ්න කර තිබෙනවා. මාලිංග විසින් වරින්වර සාක්කුවට අත දමන්නේ දෑත් උණුසුම් කරන උපකරණයක් ඔහුගේ සාක්කුවේ රඳවාගෙන සිටින නිසා බවට එම අවස්ථාවේදී ක්‍රිකට් විචාරයේ යෙදුණු මයිකල් ක්ලාක් විසින් ප්‍රකාශ කළා. ක්‍රිකට් විනිසුරුවරයාගේ ප්‍රශ්න කිරීම හමුවේ මාලිංග තම සාක්කුවේ තිබූ සුදු පැහැති අත් උණුසුම්කරණ උපකරණය විනිසුරු මාර්ටල්ට පෙන්වූ අතර ඉන්පසුව නැවතත් තරගය ආරම්භ කෙරුණා.

lasith-malinga-640x400