Friday, October 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නව කළමනාකරු ගුරුසිංහ




ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත් කර ඇති බව වාර්තා වනවා.

 

.........................................................................

අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් පුටුවක් 

28-02-2017 12:58

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ  පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි.

ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින බවත් වාර්තා වෙනවා.

1996 වසරේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවෙකු ද වූයේ අසංක ගුරුසිංහයි.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ රංජිත් ප්‍රනාන්දුයි.