Sunday, September 8, 2024

General line - 0115112241

ගුරුසිංහට සිකුරාදා දිවයිනට




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස හිටපු ක‍්‍රීඩක අසංක ගුරුසිංහ පත් කර තිබෙනවා. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විට ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන  ගුරුසිංහ ලබන සිකුරාදා දිවයිනට පැමිණිමට නියමිත බවයි.

අසංක ගුරුසිංහ 1996 ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්. 

බංග්ලාදේශය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ සිට අසංක ගුරුසිංහ කළමනාකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායක රංගන හේරත් ඊයේ අදහස් පළ කළා. ඒ කොළඹ පැවැති මාධ්‍ය පැවති මාධ්‍ය හමුවකදීයි.

ආබාධයකට ලක්ව සිටින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.

දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 7 වැනිදා ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට්  කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.