Sunday, September 8, 2024

General line - 0115112241

ඩැරන් සැමීගේ පාකිස්ථානු සුපර් ලීග් සිහිනය බොඳවේ




ඩැරන් සැමීගේ පේෂාවර් සල්මි කණ්ඩායම පරාජය කරමින් මෙවර පාකිස්ථානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගගයට සුදුසුකම් ලබා ගැනීමට ක්වේට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

සාජාහි පැවති මෙම තරගය ඔවුන් ජය ගත්තේ එක් ලකුණකින්. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ක්වේට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 200ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය ඩැරන් සැමි ගේ කණ්ඩායමට අවසන් පන්දු වාරයේදි ජයග‍්‍රහණය සඳහා ලකුණු 07ක් ලබා ගත යුතුව තිබුණා. 

එහෙත් එම පන්දු වාරයේදි ඔවුන් රැස් කර ගත්තේ ලකුණු 05ක් පමණයි. 

අවසන් පන්දු වාරයේදී කඩුළු 03ක් බිඳ වැටීම ඔවුන්ගේ පරාජයට හේතු වුණා.